"හෙට දිනන මඟ දකින ලොව දිනන සිසු කැළක්"
"දැනුම, කුසලතා, ආකල්ප වර්ධනය කර ජාතික ප්‍රතිපත්ති සාක්ෂාත් කර ගනිමින් අනාගත වැඩ ලොවට හා අභියෝගවලට මුහුණ දිය හැකි මනා පෞර්ෂයකින් හා නැණ ගුණයෙන් හෙබි යහපත් පරපුරක් බිහි කිරීමට ප්‍රජාවත් සමඟ එක්ව කටයුතු කිරීම"
"මානිවත්ථ අභික්කම"
සුවහසක් දරු දැරියන්ගේ ජීවිත ජයගන්නට මංපෙත් විවර කරන පාසලක් ලෙස දෙමාපිය විශ්වාසය ශක්තිමත් කරමින් ඉතා කඩිනම් සුහඳශීළී ගුරු මණ්ඩලයක් සමඟින් උද්යෝගයෙන් කටයුතු කිරීමට අප ඇප කැපවී සිටින්නෙමු. පාසල තුළ සිසුන් මූලික කරගත් ඉගැන්වීම් ක්‍රමයක්, සෑම තරාතිරකම අයට නිසි ගරුත්වය ලබා දීම, උසස් ආචාරධර්ම සහ වෘත්තීයමයභාවය රැකගනිමින් ඉගැන්වීම් සිදු කිරීම, කාර්යක්ෂම නවීන අදහස් කේන්ද්‍ර කර ගනිමින් කටයුතු කිරීම හා අප සිදු කරන්නා වූ ක්‍රියාමාර්ගයන් සියල්ලටම නිසි වගකීම් දැරීම ආදී අගයන් ඔස්සේ දරු දැරියන් වෙනුවෙන් අපගේ කටයුතු ඉදිරියටත් සැපයීමට ඇපකැප වී සිටින්නෙමු!
Read More...පාසල මඟින් සපයන පාසල් සේවා වඩා කාර්යක්ෂමව සිදු කිරීම සඳහා නවීණ තාක්ෂණය එක් කරමින් එම සේවා ඉදිරියට ගෙන යාම සඳහා අප විසින් නිරන්තරයෙන් තොරතුරු තාක්ෂණය භාවිතා කිරීම සිදු කරමින් සිටී.
කොට්ඨාසයේ ඉතා කීර්තිමත් පාසලක් ලෙස අප දරු දැරියන් සමඟින් විවිධ වූ ප්‍රජා පදාක වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටී.
පාසල් ප්‍රජාව මඟින් ඉටු විය යුතු කාර්යයන් සාර්ථක කර ගැනීම සඳහා පවතින සම්පත් ප්‍රශස්ථ මට්ටමින් භාවිතා කරමින් කාර්යක්ෂම සේවාවක් ලබා දීමට කටයුතු කරමින් සිටී.
කොට්ඨාසයේ ප්‍රධානතම පාසල් සමඟ තරඟකාරිත්වයට මුහුණ දෙමින් දරු දැරියන් සඳහා ඉහළ මට්ටමේ ජයග්‍රහන අත් කර දී ඇති පාසලක් ලෙස අභිමානයෙන් යුතුව කටයුතු කරන්නෙමු!
Read More...ශ්‍රී සුමනජෝති පාසල වෙත ඔබගේ පිණිවිඩ යොමු කිරීමට මෙම සේවාව හා එක් වන්න!